
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කන්තලේ වෙන්ඩ්‍රාසන් පුර යුනිට් 14 ප්‍රදේශයේ ඇති කැලෑවක මුදල් ඔට්ටුවට සූදුක්‍රීඩාවේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි
වැටලීම සිදු කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පොලිස් කොස්තාපල්වරයා අතින් පයින් පහර දුන් බව පොලිසිය පවසයි.
මෙම සැකකාර කොස්තාපල්වරයා පොලිස් නිලධාරීන් සමඟ පොර බැඳීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන සිටිපුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ද මුදල් ඔට්ටුවට සුදු කෙළි මින් සිටියේයැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල් වරයා ළඟ අන් අය සතු රියදුරු බලපත්‍ර දෙකක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත. මොහු බීමතින් සිටි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හබරණ පොලිසියට අනුයුක්තව හිඟුරක්ගොඩ පොලීසියේ කැරළි මර්දන අංශයේ සේවයේ යොදවා සිටි අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

