කැරට් වැඩි මිලට වික්කාට නඩු වැටෙයි


(ඩී.ජී.සුගතපාල)

කැරට් කිලෝවක් රුපියල් 3500ට අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවැරූ බව පාරි‍භෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

අයහපත් කාලගුණ තත්වය ප්‍රයොජනයට ගනිමින් වැඩි මිලට එළවලු සහල් ඇතුලු අහාර ද්‍රව්‍ය අලෙවි කරණ වෙළදුන් සොයා වැටලිම් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ එළවලු වෙළදසල් පරික්ෂාවට ලක්කල අවස්ථාවේ එක් වෙළෙන්දකු කැරට් කිලොවක් රුපියල් 3500ට අලෙවි කරමින් සිටි බවත් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පැවරිමට පියවර ගත් බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරිහු පැවසුහ.