( කාංචන කුමාර ආරියදාස)
මේ දිනවල එළවලු මිල ඉතා වේගයෙන් ඉහල යන පසු බිමක කැරට් ගෝනියක් රුපියල් ලක්ෂයකට එහා මුදලකට අද අලෙවි වූ බව වෙළෙන්දෙක් පැවසීය.
එමෙන්ම නුවරඑළියේ සිට ආර්ථික මධ්‍යස්ථානයට කැරට් රැගෙන එන වෙළෙන්දෙකු කියා සිටියේ මෙවන විට නුවරඑළිය ප්‍රදේශයේ කැරට් කිලෝ එක රුපියල් දෙදහසක් පමණ මිලක් පවතින බවයි.
තව දින කිහිපයක් යද්දී කැරට් හිගයක් ඇතිවන අතර අප්‍රේල් මාසය පමණ වන විට නැවත කැරට් අස්වැන්න ලැබෙද්දී මිල පහත යනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු ලැබීම සියයට හැත්ත පහකින් පමණ අඩුවී තිබෙන බවද වෙළෙන්දන් මෙහිදී අවධාරණය කරන්නට වූහ.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝව රුපියල් 1700 සිට රුපියල් දෙදහ දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ අතර ගෝවා කිලෝවක් පියල් 600 ක තොග මිලක් පැවතිණි එමෙන්ම කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබී තිබුණු සෑම එළවළු වර්ගයක්ම ඉතා අඩුවෙන් ලැබී තිබුණු අතර ඒවායේ මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන අයුරු දකින්නට ලැබින.

