(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රදීප් කුමාර)
මුල්ලියාවේලි කේපාපිලව් කඳවුරුට අයත් කැබ් රථයක් අද(14) පෙරළීමෙන් සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මිය ගොස් ඇත්තේ කේ.එච්.එම්. ජයරත්න නම් අයෙකි.
තුවාල ලැබූවන් අතර සෙබළ නිලධාරිනියන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි.
කැබ් රථය පුදුකුඩුඉරුප්පු සිට මුල්ලියාවේලි දෙසට ධාවනය වෙමින් තිබියදී කේපාපිලව් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් මුලතිව් කේපාපිලව් රෝහලේ හා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
(ඡායාරූප - ප්‍රදීප් කුමාර)




