කැනඩාවේ කොරෝනා ආසාදිතයින් 10,000 පනී


කැනඩාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 10132 ක් වාර්තා වී ඇති බව එරට මහජන සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

වයිරසය ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය දිනයට වඩා මරණ 26 ක වැඩිවීමකි.

රෝගීන් 1891ක් මේ වනවිට සුවය ලබා ඇත.

වැඩිහිටි නිවාස වල කිරීටක වයිරසය දරුණු ලෙස පැතිරී ඇති බවත් ඒ සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන බවත් සෞඛ්‍ය කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා වයිරස රෝගීන් සමඟ කටයුතු කරන වෛද්‍ය නිලධාරීන්ට මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ වල හිඟයක් පවතින බව තමාට වාර්තා වී ඇතැයි කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.

මිලියන ගණනක මුහුණු ආවරණ මේ වනවිට ලැබී ඇති බවත් හැකි ඉක්මනින් ඒවා බෙදා හරින බවත් ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)