කාසල්රි සහ මවුස්සාකැලේ පිටාර මට්ටමට


(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුවෝ පවසති.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මස්කෙලියඔයේ ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිමත් සමග එම ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල ගොස් ඇත.

ජලාශ දෙකේ ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවරුවෝ කියා කියති.