කාල්ටන් වත්තෙන් බලුපැටවකු ඉස්සූ තරුණියක් මාට්ටු


(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය කාල්ටන් වත්තට එල්ල වූ ප්‍රහාරය අතර තුරදී  බලු පැටවකු සන්තකයේ තබා ගෙන සිටි තරුණියක වීරකැටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තම නිවස ඉදිරිපිට සිටි බලු පැටියා රැගෙන ආ බව එම තරුණිය පවසා ඇතත් කාල්ටන් වත්තේ සිටින ආරක්ෂක නිළධාරීන් අදාල තරුණිය පොලීසියට යොමු කොට ඇති බවත් දැනගන්නට තිබේ.

තරුණියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලීසිය ඇය අත් අඩංගුවට ‍ගෙන තිබේ. අත් අඩංගුවට පත් තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.