කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද  උදෑසන  නිකුත් කර ඇති  මෙම නිවේදනය  හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු  බව එහි දැක්වේ.

ඉහත සඳහන්  ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කියයි.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු ඇඟවීම් අවම කර ගැනීමට පියවර ගන්නා එම දෙපාර්තමේන්තුව ජනතාවටදැනුම් දෙයි.