කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් පියවර


(තිළිණි ද සිල්වා)

එළඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 

අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල සුදුසු ස්ථාන 35ක් ඒ සඳහා තෝරාගෙන ඇති බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක මහතා සඳහන් කළේය.

මේ වනවිට එම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් මේ මස අවසන් වනවිට ඒවා අලෙවි කරන බවත් ඔහු පැවසුවේ ය.

මාස් කන්නය සඳහා නිෂ්පාදන කරන පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000 ක් වන අතර එලෙස නිෂ්පාදනය කරන පොහොර තොග ලංකා පොහොර සමාගම මිලදී ගැනීමට ගිවිසුම් ගතවූ බව ද ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී. රණවක මහතා සඳහන් කළේ ය