
(නිමල් ජයරත්න)
මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් එකතු කරගත් වීයලි ආහාර ද්‍රව්‍ය තොගයක් පොළොන්නරුව මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ගම්මානවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා බෙදා දීම සඳහා එම ද්‍රව්‍ය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන්ට පරිත්‍යාග කළහ.
කාත්ත්නන්කුඩිය ඇතුළු අවට ගම්මානවලින් එම ද්‍රව්‍ය එකතු කරගත් බව සංවිධායකයෝ පැවැසූහ.
මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්වයක් හටගත් අතර මේ හේතුවෙන් එම මනම්පිටිය, සොරිවිල, පරණමිල්ලාන, මාගංතොට,සර්වෝද ගම්මානය, ඇතුළු අවට ගම්මාන රැසක ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති. එම පිරිසට බෙදා දීම සඳහා එම ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කෙරිණි.

