(සුජිත්හේවා ජූලිගේ සහ ටී.කේ.ජී.කපිල)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට කාදිනල් තුමෝ එසේ පිටත්ව ගියහ .
ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතය .