ක්‍රීඩාංගණ සේවකයන්ට ලක්‍ෂ 150 ක ත්‍යාගයක්


(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2023) තරග වර්ෂාව මධ්‍යයේ පැවැත්වීමට කටයුතු කිරීම අගය කරමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට ආසියානු ක්‍රිකට් සංගමය ඇමරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 150 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ජාතික තණතිළි සැකසුම් නිලධාරී ගොඩ්ෆි දාබරේරා මහතා එම මුදල් ත්‍යාගය භාරගත්තේය.