ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්


(බී ජී චතුරංග සහ උපුල් හේරත්)

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්වා තබා ඇතැයි සිසුවියන්ගේ මවුපියන්  මොරගොඩ පොලිසියට පැමිණිල්ලක්  කර ඇත.

පාසල් ගුරුවරියක ක්‍රිඩා පුහුණුවට නොආවේ යැයි කියමින්  6 ශ්‍රේණියේ සිසුවියන් කීප දෙනකු, උදෑසන සිට පාසල නිමවන තුරු මහ අව්වේ දණ ගස්සවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව මොරගොඬ පොලිසියේ විමර්ශනයක් ආරම්භ කළේය.

තම දියණිය පාසලේ ක්‍රීඩා කටයුත්තක් සදහා අකමැත්තක් දැක්වු වැයි විදුහලේ විද්‍යාව විෂය භාර ගුරුතුමිය උදෑසන සිට සවස 1.30 දක්වා දණගැස්වූ බවට එක් සිසුවියගේ පියායකු පවසා ඇත.