(ෂේන් සෙනෙවිරත්න)
දවුලගල දොඩම්වල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක් මත්පෙති 33ක් සහ මත් මුද්දර 28ක් සමග මහනුවර ප්‍රධාන පාසලක ක්‍රීඩා උපදේශකවරයකුගේ බිරිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බළකායේ අඹකොටේ මූලස්ථානයට ලද තොරතුරකට අනුව නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් එම කාන්තාව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබේ .
අත්අඩංගුවට පත් කාන්තාව මහනුවර ප්‍රධාන පෙලේ පාසලක රග්බි කණ්ඩායමක ශරීරික උපදේශකවරයකුගේ බිරිඳක් බව පොලිසිය කියයි .

