(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පූර්ණ විගණනයක් කර විගනකාධිපති වාර්ථාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කිසිඳු පියවරක් නොගන්නා බවට ක්‍රීඩා ඇමතිවරයා අභියාචණාධිකරනය පොරොන්දු විය.
ක්‍රීඩා ඇමතිවරයා මෙසේ පොරොන්දු වූයේ කුසලා සරෝජනී වීරවර්ධන වාර්ථාව පදනම් කරගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමත් සලකා බැලූ අවස්ථාවේ දීය.
සොභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචණාධිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදි.

