ක්‍රිකට් ආයතනයේ ලොක්කන් කෝප් කමිටුවට කැඳවන්න යයි


 ( සුජිත්  හෙවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා  පිළිබඳව කරුණු විමසීමට එම ආයතනයේ ප්‍රධානීන් ලබන අප්‍රේල් 6 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප්) නැවත කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඉකුත් පෙබරවාරී 11 වැනිදා කැඳවූවත් ඔවුන් ඒ සඳහා සූදනම් වී නොපැමිණීම නිසා රැස්වීම අතරමග නවත්වා සුදානම්වී මාසයක් ඇතුළත නැවත පැමිණෙන්නැයි කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.