ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි


(යොහාන් භාසුර)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා කීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය නොවැමම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කළ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊට දින කීපයකට පසුව එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.