
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අද වනවිට කළුතර මහා රෝහලේ ඖෂධ සීයක් හිඟ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දියවැඩියාව හෘද රෝග වලට මෙන්ම අනෙකු සංකූලතා වලට අවශ්‍යය කරන ඖෂධ වල හිඟයක් තියෙනවා.මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් හෝ කාර්යක්ෂම නැහැ.
අවුරුදු 76ක් තිස්සේ මේ රටේ මුකුත් නොවුනා කිව්වාට පාර්ලිමේන්තුවට එන්න ඔබලාට දැනුම අවබෝධ ලබා දුන්නේ ඒ නිදහස් අධ්‍යාපනයයි. එය වගේම නිදහස් සෞඛ්‍ය ලබන්න වාසනාව අප සියළු දෙනාම ලැබුවා යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා කීය.

