කසකස්තානයෙන් සංචාරකයෝ පිරිසක් එති


(ටී.කේ.ජී.කපිල )

යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව හේතුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා පළමු මංගල ගුවන් යානය  අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට මෙම යානය පියාසර කර ඇත.  

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182 ක් ඇතුළුව  කාර්යය මණ්ඩලය190 දෙනෙක් පැමිණ සිටියහ .

මෙම ගුවන් යානා සදුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02 ක් , එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .