ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී)
තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් අද (24) වාර්තා කළේය.
සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානී ජිනා හස්පෙල් අඟහරුවාදා (23) තුර්කියේ සංචාරය කර ඇති අතර එහිදි තුර්කි බලධාරීන් අදාළ සාක්කි සහ තොරතුරු ඇයට ලබා දී ඇත.
සෞදි මාධ්‍යවේදි ජමාල් කෂොක්ජි තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය කෙරුණි.
ජමාල් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි.
වීඩියෝ ඡායාරූපය, හඬ පට සහ කොන්සියුලර් කාර්යාලයෙන් සහ තුර්කියේ සෞදි කොන්සියුලර්වරයාගේ නිවසින් සොයාගන්නා ලද සාක්කි එලෙස ජිනා හාස්පෙල්ට ලබා දී ඇත.
ජිනා හාස්පෙල් සහ තුර්කි බුද්ධි අංශය වන (එම්.අයි.ටී) හමු වී සාකච්ඡා පවත්වා ඇති අතර එයින් පසුව අදාළ සාක්ෂා ඇයට ලබා දී ඇතැයි තුර්කියේ ‘ෂබා’ පුවත්පත ද වාර්තා කර තිබිණි.