
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර කල්මුනේ අශ්රෆ් රෝහල පිටුපස ඇති ඇළ දැඩි ලෙස අපිරිසිදු විම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසිහු පවසති.
මෙම ඇළ ප්ලාස්ටික් බොතල්වලින් පිරි ඇති අතර ෂොපින් බෑග් වලින් මෙම ස්ථානයට කුණු ගෙනත් දමා ඇති ආකාරය එම ස්ථානය නිරීක්ෂණය කිරීමේදි දැක ගැනීමට හැකිවිය.
මෙම කුණු දමන ස්ථානයේ මිටර් 100 ක් පමන ඉහලින් සයින්දමර්දු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පිහිටා ඇති අතර සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයට යන්නේද මෙම ස්ථානය පසු කරමින්ය.
මෙම ස්ථානයේ ඇති අපිරසිදු කම නිසා අශ්රෆ් රෝහලේ නේවාසික රෝගින්ට මදුරුවන්ගෙන් සහ මැස්සන් ගෙන් විශාල කරදරයක් වි තිබේ.
මේ පිලිබදව කල්මුනේ මහා නගර සභාවේ කොමසාරිස් එ.එල්.ඒ.අස්මී මහතාගෙන් විමසීමේදි ඔහු පැවසුවේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි නමුත් මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසදුමක් ලබාදෙන බව පැවසීය.


