කලවානේ ළිඳකින් සිරුරක් හමුවෙයි


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන උතුරු වැද්දාගල , පහේ කණුව  ප්‍රදේශයේ වත්තක තේ දලු මඩුවක් අසල ළිඳක තිබි මළ සිරුරක් අද (11) සොයා ගත් බව කලවාන පොලිසිය පවසයි.

මෙලෙස  අංගොඩගේ පියදාස නැමති (72) හැවිරිදි   එම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් ඔහු ඊයේ (10) රාත්‍රී කාලයේ සිට නිවසේ නොමැති බැවින් ඔහු පිළිබදව ක සොයා බැලිමේදි අසල වත්තක ළිදක තිබි ඔහුගේ මළසිරුර එම වත්තෙන් කල දැනුම් දිමකදි සොයා ගෙන ඇති බව පොලිසිය කියයි. 

ඔහු පය ලිස්සා යාමෙන් ළිඳට වැටී මියයාමට ලක්ව ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්මට නියමිතව තිබුණි. කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .