කරුණු කිහිපයක් මුල්කරගෙන කඩවතදී ස.ජ.බයෙන් විරෝධතාවයක්


(නිමල කොඩිතුවක්කු)

රජය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගර මධ්‍යයේදී අද (13) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සංවිධානය කළ මෙම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න, රෝහිණී කවිරත්න, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)