(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වී අකුරැස්සේ නිවසකට ගොස් සිටිය දී කොවිඩ් - 19 අසාදිත බව තහවුරු කරගත් තරුණයා සිය පියා සමඟ මේ වාට්ටුවේ රැඳී සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඔහුගේ පියා ස්නායු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අකුරැස්ස රෝහලට ගෙන ගොස් එතැනින් මාතර මහ රෝහලට මාරු කර යවා අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට එවා ඇත. මෙම තරුණයා සිය පියාගේ උදව්වට වාට්ටුවේ රැඳී සිට තිබේ.
රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මේ වනවිට එම පියාගේ සහ පියා සමග නැවතී සිටින තවත් තරුණයකුට කොවිඩ් - 19 ශරීරගත වී තිබේ ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

