කරාපිටියේ ඩොක්ට පෞද්ගලික රෝහලේන් රජයේ රෝහලට


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

සෞඛ්‍ය කාර්යය සහායිකාවට සහ තවත් සේවකයෙකුට පහරදීමේ චෝදනාවලට ලක්ව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා රෝග පිලිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා යන අය ඔහු ප්‍රතිකාර ලබාගැනීමට නේවාසිකව සිටි කරාපිටිය පෞද්ගලික රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මේ වනවිට මාරු කර යවා තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඊයේ (18) අදාල වෛද්‍යවරයා ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික රෝහල වෙත ගොස් සැකකාර වෛද්‍යවරයා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඔහු රජයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා මාරුකර යන ලෙස සිදුකරණ ලද නියෝගයට අනුවය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර ප්‍රතිකාර ලබයි.