(අංජුල මහික වීරරත්න)
කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය නොපැකිලිව ආයෝජනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මේ වන විට රටේ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසීය.
මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයෝ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කළහ.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසීය.