(තිලකරත්න දිසානායක)
ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
වයස අවුරුදු 42 ක් පමණ වන මෙම පුද්ගලයා ගම්පහ නගරයේ පදිංචි අවිවාහක අයකු වන බවත් මොහු දැඩි ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිට ඇති අයකු බව දැනගන්නට ඇති බවත් පොලීසිය පවසයි.
මිය ගොස් ඇති පුද්ගලයා අසල කම්බි කපන කියතක්ද තිබී ඇති අතර මොහු විදුලි රැහැන් කැපීමට යාමේදී විදුලි සැර වැදීමෙන් ඇදවැටී ඇති මිය යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.