(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මහ බැංකුව දේශපාලනීකරණයට ලක් කළ හැම රටකම ආර්ථික අර්බුද උත්සන්න වී තිබෙනවා.සිම්බාබ්බේ උදාහරණයක් හැටියට ගන්න.ඒ වගේ ප්‍රශ්න අප රටට නොවෙන්නැයි දෙයියන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි.
මෙි රටත් යන්නේ ඒ පාරේ ම නොවේ දැයි මොහොතකට සිතා බලන්න.දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා රුපියලේ අගය විදේශ වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද මස්ත බාල්දු වී තිබෙනවා.මේ ක්‍රියාදාමය හරහා බහුතරයක් හිඟමනට පත්කර ටික දෙනෙක් ධනවතුන් බවට පත්කරලා තිබෙනවා යනුවෙන්ද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

