කදුළු ගෑස් අවියක් පිපිරී එස්.අයි.මරුට


(ඉන්දිකා රාමනායක  සහ ලහිරු හර්ෂණ)

අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය අතරතුර කඳුළු කඳුළුගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

එම උප පොලිස් පරීක්ෂකවරයා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අවිය ක්‍රියාත්මක කිරීමට සූදානම්  අවස්ථාවේ එම පිපිරීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ඇත .

එක දිගට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්  අවිය  අධික රත් වී තිබූ බවත් එම නිසා   පිපිරීම සිදුව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි .