කදුරුවෙළ ඉන්ධන ටැංකි ගොඩ අරන් කපලා


(නිමල් ජයරත්න)

ඛනිජ තෙල් සංස්ථාවේ කදුරුවෙල ගබඩාවක ඉන්ධන ලීටර් 45,000ක් පිරවිය හැකි භූගත ටැංකියක් ගොඩ ගෙන කොටස් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙම ගබඩාවේ ‍‍විශාල ටැංකි දෙකක් මීට පෙර අබිලි යකඩ බවට හුවා දක්වමින් ඉතා අඩු මුදලට ටෙන්ඩර් කර විකුණා තිබූ බව ජාතික ජනබලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කියයි.

මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් එම තෙල් ටැංකි පිහිටි කදුරුවෙල නගරයට ආසන්න ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත විය.

කදුරුවෙල ප්‍රධාන දුම්රිය ස්ථානයට පිටුපස පිහිටි මෙම තෙල් ගබඩා සංකීර්ණය 1986-87 කාලවලදී එවකට පැවැති රජය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසට භාවිත කර තිබේ.

මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර් 50,000ක් හා ලීටර් 28,000ක් ගබඩා කළ හැකි බාහිර ටැංකි දෙකක් හා ලීටර් 45,000ක් ගබඩා කළ හැකි භූගත ටැංකියකින් සමන්විතව පැවතුණි.