කතෝලික දේවස්ථානවල ආරක්‍ෂාව වැඩි කරයි


(යොහාන් භාසුර)
නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් දැනට දී ඇති ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ නම් පොලිස් මූලස්ථානය දැනුවත් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ආරක්‍ෂාව පිළිබඳ ගැටලු ඇති දේවස්ථානවලට 0112472757 අංකයට අමතා තොරතුරු දියහැකි බව ද තල්දූව මහතා වැඩි දුරටත් කීය.
ජනතාව වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථානවල ආරක්‍ෂාව තරකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඇතැම් දේවස්ථානවලට පොලිස් නිලධරීන්ට අමතරව හමුදා ආරක්‍ෂාව ද සපයා තිබේ.
නත්තල අද (24) මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවන අතර ප්‍රධාන නත්තන් දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45 ට හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී පැවැත්වේ.