කතානායකගෙන් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට අවවාදයක්


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

මැතිසබය ඇතුළේ තවත් රැස්වීම් පවත්වමින් සභාවේ කටයුතුවලට බාධා නොකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුවේ දී අවවාද කළේය.

මැතිසබයේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් වෙනත් ආසන පේළියකට ගොස් එහි සිටිගෙන කතා කරමින් සිටිනු දක්නට ලැබිණි. වහාම තම තමන්ගේ ආසනවලට යන්නැයි කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා එමඒ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.