කතානායක විශ්වාසභංගය: අස්සන් ගැනීම අරඔයි


(සුජිත් හේවාජුලිගේ)

ආචාර්ය  උපාධිය සම්බන්ධයෙන්  චෝදනාවට ලක්ව   සිටින කතානායක අශෝක සපුමල් රන්වල  මහතාට එරෙහිව සමගි  ජන බලවේගය  බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද (13) ආරම්භ කළේය.

සමග ජන බලවේගයේ නායක සහ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සි අලවතුවල අජිත් පී  පෙරේරා,  සුජිත් සංජය පෙරේරා ,  චතුර ගලප්පත්ති , ජගත්විතාන සහ  හර්ෂණ රාජකරුණා  එම යෝජනාවට  ඊයේ  අත්සන්  තැබූහ

යෝජනාවට සෙසු මන්ත්‍රීවරුන්ද අස්සන් තැබීමෙන් පසු එය කතානායකවරයාට බාරදීමට නියමිතය.

ආචාර්ය උපාධියක් ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිතා කර ඇති හෙයින්  ඊට එරෙහිව ජනතාවගෙන් විරෝධය එල්ලවන අවස්ථාවේදී නිහඬව සත්‍ය වසන් කිරීම හේතුවෙන් කතානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පවසයි.

එසේම මේ සම්බන්ධයෙන් සමග ජන බලවේගය පාර්ලිමේන්තුවේදීද  ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිතය