කතරගම ප්‍රා.සභා අය වැය තෙවන වරටත් පරදි


කතරගම ප්‍රදේශීය සභාවේ 2022 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනා තෙවනවරටත් අද පරාජයට පත් විය.

පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රදේශීය සභා අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු ඡන්ද 3ක් හිමි වූ අතර විපක්ෂව ඡනද 13ක් හිමි විය.

ආසන 16කින් යුක්ත මෙම ප්‍රදේශීය සභාවේ බලය හිමි පොදුජන එක්සත් පෙරමුණට ආසන 9ක් හිමි අතර එක්සත් ජාතික පක්ෂයට ආසන පහක් ද ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් ද හිමිව තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදීම අය වැය පරාජයට පත් විය.