
(කේෂර ගුණතිලක)
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස එහි වැඩ බලන බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා අද මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නිලවරණයේදී නිතරඟයෙන් තේරී පත්විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා විසින් බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙලෙස පවත්වන ලද අතර එහිදී තිළිණ මධුසංඛ මහතා නව බස්නායක නිලමේවරයා ලෙස නිතරඟයෙන් තේරී පත් විය.
නව බස්නායක නිලමේ ධූරයට පත් තිළිණ මධුසංඛ මහත මාතර ඉසදීන් නගරයේ පදිංචිකරුවකු වන අතර මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු දැනට දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙසද කටයුතු කරයි.

