(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.
එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1,541 ක ගාස්තුව රැපියල් 1,117ක් දක්වා අඩුවන බව ඇමතිවරයා කීවේය.

