(ගයාන් සූරියආරච්චි)
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
එම නිවෙස සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති ඝෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.