කතරගම අනවසර වෙළඳසැල් කඩා ඉවත් කෙරේ



(කේ. ඩී. දේවප්‍රිය)

කතරගම නගරයේ අක්‍රමවත් අයුරින් අනවසර ලෙස  ඉදිකරන ලද වෙළඳසැල් රැසක් නාගරික සංවර්ධන  අධිකාරියේ  නිලධාරින් විසින් අද(18)  කඩා බවත් කරනු ලැබිය.

කතරගම නගරයේ නව සැලස්ම අනුව  නගරය අලංකාර ලෙස පවත්වා  ගෙන යෑම පිණිස  මෙම  අනවසර  ලෙස ඉදිකළ ටකරන් මඩු සහිත වෙළඳසැල් ඉවත් කරන බව නාගරික සංවර්ධන  අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.

මෙම අවස්ථාවේදී නිලධාරින් සහ කඩහිමියන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින්  මෙම වෙළඳසැල් කඩා දමන ලදී.