කතක් නිවසතුල කපා කොටා මරාදාලා


(එම්. කේ. නන්දසේන)

 කතරගම, පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී  අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ කතරගම පෙරගිරිගම පදිංචි එච්. එල්.අනුෂා ශ්‍යමලී නැමැති 46 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව කලින් විවාහවී  සිටි පුද්ගලයාගෙන් මීට වසර 10 ට පමණ ඉහතදී වෙන්වී කතරගම ප්‍රාදේශීය සභාවේ මාර්ග කම්කරුවෙකු සමඟ අඹු සැමියන් ලෙස පෙරගිරිගම ප්‍රදේශයේ නිවසේ පදිංචිවී සිටි බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නැතිබවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.