
(යොහාන් භාසුර)
කඩවත පොලිස් බලප්‍රදේශයේ මරණ පරීක්‍ෂණ සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙක් යෙදවීමෙන් නිල මරණ පරීක්‍ෂණ වාර්තා ලබාගැනීමට නොහැකිව ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කඩවත පොලිසිය මරණ පරීක්‍ෂකවරයා යැයි පවසමින් යොමු කරන පුද්ගලයාට මරණ පරීක්‍ෂණ තනතුරේ කටයුතු කිරීමට නිල බලයක් නොමැතිවීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ පරීක්‍ෂණ වාර්තා ලබාගැනීමට නොහැකි වී ඇතැයි කියන කඩවත ජනතාව මියගිය පුද්ගලයන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු හිමිකම් පිළිබඳව ඥාාතීන්ට කටයුතු කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව ද සඳහන් කරයි.
මෙම තත්වය පිළිබඳව අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් දැනුවත් කළ ද කිසිඳු පියවරක් නොගත් බව ද ඔවුහූ කියති.
කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මරණ පරීක්‍ෂකවරයා සම්බන්ධ ගැටලුව පිළිබඳව මහේස්ත්‍රාත්වරයා ද දැනුවත් කර ඇති බවත් ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්ය.

