( පුෂ්පකුමාර ජයරත්න )
කටුපොත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව හා සමීපව සිටිමින් කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය පුද්ගලයන් 61 දෙනෙකු සම්බන්ධ තොරතුරු අද පෙරවරුව වනවිට අනාවරණය කරගෙන ඇති බව කුලියාපිටිය කොටිඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන සිටින කැකුණගොල්ල පදිංචි කාන්තාව පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් ඇති අතර ඇය එම අවස්ථාවෙිදි පැය තුනකට ආසන්න කාලයක් රෝහල් පරිශ්‍රය තුළ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි අනෙකුත් රෝගීන් හා සමීපව හිඳ ඇති බව අනාවරණය වී තිබෙි . එසේ සිටි රෝගීන් සංඛ්‍යාව 125 ක් පමණ බවද වාර්තා වේ .
මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව පොලීසිය මගින් කළ දැනුම් දීමකට අනුව පුද්ගලයන් 61 දෙනෙකු කටුපොත පොලීසියට පැමිණ තම තොරතුරු ලබා දීමෙන් පසුව ඔවුන් වෛද්‍ය උපදෙස් අනුව ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය .

