
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (07) එළවළු තොග විශාල වශයෙන් ලැබුණු බවත්, ව්‍යාපාරික කටයුතු සුපුරුදු පරිදි සිදු වූ බවත්, ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් එළවළු මිළ දී ගැනීම සඳහා පැමිණි බවත් වෙළඳ සංගමය කියයි.
පසුගිය දිනවල පැවැති තත්වය හමුවේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය වෙතද එළවළු ලැබීමේ අඩුවක් මෙන්ම ව්‍යාපාරික කටයුතුවලද අඩුවක් දක්නට ලැබුණු නමුත්, අද දිනයේ ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බව ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කරති.
අද (07) උදේ වරුව වන විටත් ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ව්‍යාපාරිකයින් පැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානය තුළ දැඩි වාහන තදබදයක්ද දක්නට ලැබිණි.



