කටාර් රාජ්‍යයේ සේවය කළ ලක් කතක් මරුට


(තිළිණි ද සිල්වා)

කටාර් රාජ්‍යයේ රැකියාවේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගින්නකට හසුවීමෙන් මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එරට අල්කෝර් නගරයේ නිවසක හටගත් ගින්නකට හසුව එම ලාංකික කාන්තාව මියගොස් ඇති අතර එය එම කාන්තාව නවාතැන් ගෙනසිටි නේවාසිකාගාරය වන බවද පැවසේ.

ජීවිතක්ෂයට පත්වූ කාන්තාව කාලයක සිට එරට සේවයේ නිරතව සිටි තැනැත්තෙකි.

ගින්නට හසුවීමෙන් එහි රැඳී සිටි තවත් විදෙස් ජාතික ශ්‍රමික කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති බව තානාපති ආරංචි මාර්ග කියයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැකකෙරෙන අතර අදාළ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇත.