අජිත්ලාල් ශාන්තඋදය
හදිසි තත්ත්වයන් යටතේ රැකියාවලින් ඉවත් කළ කටාර් රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රීලාංකිකයන් පිරිසකට හැකි ඉක්මනින් එරටින් පිටවෙන්නැයි එරට රජය දන්වා ඇති නිසා හැකි ඉක්මනින් තමන්ව ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එම ශ‍්‍රීලාංකිකයෝ විදේශගත ශ‍්‍රීලාංකිකයන්ගේ එකමුතුව නම් සංවිධානය හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්‍ධවෙමින් අද (3) ඉල්ලා සිටියහ.
කටාර් රාජ්‍යයේ කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පුද්ගලික සහ රාජ්‍ය ආයතන වසා ඇති බවත් ඒවායේ වසර දහය දොළහ පමණ කාලයක් සේවය කළ විදේශ ශ‍්‍රමිකයන් සේවයෙන් ඉවත් කර ඇති බවත් එම ශ‍්‍රීලාංකිකයෝ පැවසූහ.
විදේශගත ශ‍්‍රීලාංකිකයන්ගේ එකමුතුව සංවිධානයේ කැදවුම්කරුවු දැනට දකුණු කොරියාවේ සේවය කරන රොෂාන් වික‍්‍රමනායක මහතාගේ මැදිහත්වීම මත කෝල් කොන්ෆරන්ස් පහසුකම ඔස්සේ කටාර් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකික රැකියා අහිමිවුවන් අප හා සම්බන්ධ වු බවයි.
‘කටාර්වල කොරෝනා නිසා අපි ගෙන්වා ගන්න කියලා නෙමෙයි අපි ඉල්ලන්නේ. දැන් රස්සාවල් අහිමි වෙලා මාසයක් වෙනවා. අපි රැුකියා බලපත‍්‍රය මත අඹුදරුවන් එක්ක අවිත් පවුල්වල අය සමග ජීවත්වෙන්නේ. දරුවන් මෙහෙ පාසල්වල යන්නේ. දැන් පාසල් වහලා. අපිට රස්සාවල නැති නිසා ගෙවල් කුලිී පවා ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. කටාර්වල දැන් රස්සාවල් නෑ. කටාර් ආණ්ඩුව අපිට දැන් අපේ මව් රටවල්වලට යන්න කියනවා. අපි මෙහෙ නවතින්න ආපු අය නෙමෙයි. රස්සාවල් කරලා හම්බකළ මුදල් ලංකාවට එව්වේ. අපි ලංකාවේ පුරවැසියෝ. තානාපති කාර්යාලයට දවසගානේ අපේ දුක කියනවා. ඒ අය කියන්නේ ලංකාවේ රජය අපිව බාරගන්න තවම සූදානම් නෑ කියලා. අපි අපේ මුදල් ගෙවල් එන්න සූදානම්. අපිව ඉක්මනට ගෙන්නා නොගත්තොත් රටට විදේශ විනිමය එවු අපිට මේ රටේ නීතිය කැඩුවා කියලා හිරේ ලගින්න වේවි. ජනාධිපතිතුමනි ඔබතුමා කටාර් රාජ්‍යයේ ඉන්න ශ‍්‍රීලාංකික ශ‍්‍රමික ජනතාව ගැන විශේෂ අවධානය යොමකරන්න. මැදපෙරදිග රටවල නීතිය හරිම තදයි. අපිට ප‍්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. අපි පත්වෙලා තියන තත්ත්වය ගැන කියන්න කෙනෙක් නෑ. අන්තර්ජාලය හරහා මේ සමූහ ඇමතුම අරං ආයාචනා කරන්නේ අපිව ගෙන්නා ගන්න කියලයි.’ වසර දහයකට වැඩි කාලයක් කටාර්හි සේවය කරන ශ‍්‍රීලාංකිකයෙක් පැවසුවේය.

