
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙක් මාලිගාවත්ත බෝලවත්ත ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 1180 සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
බූස්ස බන්ධනාගාරය රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීමට උත්සහ කිරීම ඇතුළු චෝදනාවන් ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු පවතින බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දින 7ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

