
(අංජුල මහික වීරරත්න)
ඖෂධ වර්ග 60 ක උපරිම මිල මෙම 15 වැනිදා සිට බලාත්මක වන පරිදි සියයට සියයට 16 කින් අඩු කිරීම පිණිස සහ සෑම මාස තුනකට වරක් ම ඖෂධ මිල සමාලෝචනය කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම මිල අවස්ථා කිහිපයක දී සියයට අනු හතක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.
2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඖෂධ වල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි

