(ගයාන් සූරියආරච්චි)
ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන ෆෙඩරල් මැතිවරණය සඳහා ඕස්ට්‍රේලියාවේ, ස්කලින් ඡන්ද කොට්ඨාසය නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයෙක් ද ඉදිරිපත්වී සිටියි.
මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවකු වන මොරටුවේ පදිංචිව සිටි විරෝෂ් පෙරේරා ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ ඡන්දයට ඉදිරිපත්වී සිටියි.
ව්යාරපාර කළමනාකරණය හා අලෙවිකරණ ක්ෂේත්‍ර යේ කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු ලෙස වසර 13 ක අත්දැකීම් බහුල වෘත්තිකයකු ලෙස විරෝෂ් හැඳින්විය හැකිය.
මීට වසර 22 කට පෙර ඕස්ට්‍රේලියාවේ පළමු ශ්‍රී ලාංකික පුවත්පත වන සෙරන්ඩිබ් පුවත්පත ආරම්භ කරමින් එය එරට ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ බෙදාදීමට පුරෝගාමී වූයේද විරෝෂ් ය.
අනිද්දා (21) දින මැතිවරණය පැවැත්වීමට නියමිතය.
අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විරෝෂ් මෙසේ අදහස් පළකළේය.
‘වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් 38 දෙනෙකු තරගවදිනවා. ඔවුන් අතරින් මමත් එක් අයෙක්. මා තුළ ඇති දක්ෂතා සහ වෘත්තීය හැකියන් මත ලිබරල් පක්ෂයට මා වටිනා පුද්ගලයකු වනු ඇතැයි මා විශ්වාස කරනවා.
පසුගිය කාලය පුරාවට එකම මන්ත්‍රී කණ්ඩායමක් ආසන නියොජනය කළා. අපට වෙනසක් අවශ්‍යයි. ස්කලින් ඡන්ද කොට්ඨාසයේ ජනතාවට නිදහසේ සාමකාමීව ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම මෙන්ම ජීවන වියදම අඩු කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ පවුල් අතර පවතින සමාජ වටිනාකම ආරක්ෂා කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.“ යැයි විරෝෂ් පැවැසීය.