ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර ජූනි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලියට විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග පහකින් ඇතුළත් වන අතර එහි විස්සයි20 තරග රාත්‍රී කාලයේ ද, එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස ද පැවැත්වේ

.එම තරගවලට විදුලිය ලබාදීම සඳහා ඩීසල්වලින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර පාවිචිචි කරයි.