ඕමල්පේ සෝභිත හිමිගෙන් සී.අයි.ඩිට පැමිණිල්ලක්


(ශාන්ත රත්නායක)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට සහන සැලසීමට විදේශ රටවලින් සහ විවිධ සංවිධානවලින් ලබාදුන් රුපියල් බිලියනක මුදලක් එම වින්දිතයනට ලබා දී නොමැති බැවින් ඒ සඳහා වහා පරික්ෂණයක් කරන්නැයි ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාවේ සභපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළහ.

එම මුදලට වූ දේ කුමක්දැයි සොයා බලන්නැයි ද සෝභිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.