(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියටත් නො අඩුව ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍ර ෆ්‍රෙැන්ච් මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක (UN Resident Coordinator - RCO) මාක් ඇන්ඩ්‍රෆ්‍රෙැන්ච් (Marc-André Franche) මහතා ඇතුලු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙන ගිය හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියටද අඛණ්ඩව කටයුතු කරන බව පැවසීය.
පසුගිය මැතිවරණයෙන් ලබාදුන් විශාල ජනවරමත් සමග මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බව ද නේවාසික සම්බන්ධීකාරකවරයා මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.